මෘදුකාංගය භාවිතයට අදාල උපදෙස් හා කොන්දේසි.

මෙම උපදෙස් හා කොන්දේසි වලට ඔබ එකග නොවේ නම් කරුණාකර දිව්‍ය නාඩි මෘදුකාංගය භාවිත කිරීමෙන් වලකින්න.

ස්ථාපනය (Install) කිරීමේ උපදෙස්.
ඔබ බාගත (Download) කර ගත් Setup.exe ගොනුව කි‍්‍රයාත්මක කරන්න. ඉන් පසුව තිරයේ ප‍්‍රදර්ශනය වන උපදෙස් පිළිපඳින්න. විනාඩියකට අඩු කාලයකදි ඔබේ පරිගණකයට දිව්‍ය නාඩි සිංහල නක්ෂත්‍ර මෘදුකාංගය ස්ථාපනය කළ හැකිය. සාර්ථකව ස්ථාපනය වූ පසු ඔබගේ පරිගණකයේ ප‍්‍රධාන තිරය මත (Desktop) පහත රුපයේ පෙනෙන ලෙසට දිව්‍ය නාඩි අයිකනය දක්නට ලැබෙනු ඇත.

desktopsoftwareicon2

එම අයිකනය කි‍්‍රයාත්මක කරන්න. එවිට දිව්‍ය නාඩි සිංහල නක්ෂත්‍ර මෘදුකාංගය ඔබගේ තිරය මත ප‍්‍රදර්ශනය වනු ඇත.

දිව්‍ය නාඩි සිංහල නක්ෂත්‍ර මෘදුකාංගය සමග ලියාපදිංචි වීම.
දිව්‍ය නාඩි මෘදුකාංගයේ තිබෙන සියලුම සේවාවන් ලබා ගැනීමට නම්, මුලින්ම ඔබ දිව්‍ය නාඩි මෘදුකාංගය සමග ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය වේ. ඒ සදහා ඔබ සතුව Dialog හෝ Hutch දුරකථන සම්බන්දතාවයක් තිබිය යුතුය. ඕනෑම Dialog හෝ Hutch දුරකතනයකින් Reg හිස්තැනක් dy ලෙසට ටයිප් කර 77110 වෙතට send කිරීමෙන් දිව්‍ය නාඩි සමග ලියාපදිංචි විය හැකිය. මේ සදහා රුපියල් 5 ක් සහ ඊට අදාල බදු මුදල් දෛනිකව අය කරනු ඇත.

දිව්‍ය නාඩි සිංහල නක්ෂත්‍ර මෘදුකාංගට ප්‍රවේශ වීමේ රහස් අංකය.
දිව්‍ය නාඩි මෘදුකාංගය ට ප්‍රවේශ වන සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක කර ගැනීමේ රහස් අංකයක් ඔබෙන් අසනු ඇත. දිව්‍ය නාඩි සමග ලියාපදිංචි වූ Dialog හෝ Hutch දුරකතනයකින් SMS එකක් යවා මෙම රහස් අංකය ඔබට ලබා ගත හැකිය. ඒ සදහා;

dp හිස්තැනක් අදාළ මොහොතේ ඔබගේ තිරය මත දිස් වන අංකය ලබා දී 77110 ට සෙන්ඩ් කරන්න. (ඔබගේ පරිගණකයේ තිරය මත සඳහන්ව ඇති ආකාරයට ම එස් එම් එස් පණිවිඩය ලබා දීමට අමතක නොකරන්න.)

වැදගත්: අදාළ මොහොතේ ඔබගේ තිරය මත දිස් වන අංකය සඳහා වූ අගය මෘදුකාංගය කි‍්‍රයාත්මක කරන අවස්ථාවේ තිරය මත ප‍්‍රදර්ශනය වනු ඇත. මෙම අගය සෑම විටම වෙනස් වේ. එනිසා කි‍්‍රයාත්මක කිරීමේ යතුර ඉල්ලා සිටින සෑම අවස්ථාවකම නැවත SMS පණිවුඩයක් යවා අළුත් අංකයක් ලබා ගත යුතුය. මින් අදහස් වන්නේ එක් වරක් ලබා ගන්නා අංකයක් වලංගු වන්නේ එක් අවස්ථාවක් සඳහා පමණක් බවයි. ඒ අනුව මෘදුකාංගය ට ප්‍රවේශ වන සෑම අවස්ථාවකදීම තිරයේ සදහන්ව ඇති ආකාරයට අළුතින් SMS එකක් යවා කි‍්‍රයාත්මක කිරීමේ අංකයක් ලබා ගත යුතුය. රහස් අංකය ඉල්ලා යවනු ලබන SMS සදහා කිසිදු මුදලක් අය නොවන බව කරුණාවෙන් සලකන්න.

වැදගත්:
ක්‍රියාත්මක කර ගැනීමේ රහස් අංකය නිකුත් කරනු ලබන්නේ දිව්‍ය නාඩි මෘදුකාංගය සමග ලියාපදිංචි වී සිටින දුරකථන සදහා පමණක් බව මතක තබා ගන්න, ඒ නිසා ක්‍රියාත්මක කර ගැනීමේ රහස් අංකය ඉල්ලා SMS එකක් යොමු කිරීමට ප්‍රථම අදාළ දුරකථනය දිව්‍ය නාඩි සමග ලියාපදිංචි වී සිටිය යුතුය. එසේ නොවුනහොත් ඔබගේ දුරකථනය වෙත රහස් අංකය නොලැබෙනු ඇත.

ලියාපදිංචිය අහෝසි කර ගැනීම.
ඔබ කැමති ඕනෑම වේලාවක දිව්‍ය නාඩි සිංහල නක්ෂත්‍ර මෘදුකාංගය සමග වූ ලියාපදිංචිය අහෝසි කර ගත හැකිය. ඒ සදහා;

UNREG හිස්තැනක් dp ලෙස ටයිප් කර 77110 ට සෙන්ඩ් කරන්න.

යම් ලෙසකින් එලෙස ඔබ ලියාපදිංචිය අහෝසි කළහොත් දිව්‍ය නාඩි සිංහල නක්ෂත්‍ර මෘදුකාංගය සමග තවත් දෙවතාවක් ලියාපදිංචි වීමේ අවස්ථාව ඔබට ඇත. මෙලෙස තුන් වතාවක් ලියාපදිංචි වී නැවත අහෝසි කිරීම කළහොත් ඔබගේ දුරකථනය BLOCK තත්වයට පත් වනු ඇත. ඉන්පසු කිසිම හේතුවක් නිසාවත් ඔබට නැවත කිසිදු දිනෙක දිව්‍ය නාඩි මෘදුකාංගය සමග ලියාපදිංචි විය නොහැකිය.

දිව්‍ය නාඩි මෘදුකාංගය හා දුරකථන සමාගම් අතර සම්බන්දතාවය.
දිව්‍ය නාඩි මෘදුකාංගය සදහා පාරිභෝගිකයින් ලියාපදිංචි කර ගැනීම හා ක්‍රියාත්මක කිරීමේ රහස් අංකය ඔවුන් වෙත යැවීම සදහා ඩයලොග් හා හච් දුරකථන සමාගම් වල සේවය ලබා ගැනීම සිදු කරන අතර ඒ හැර වෙනත් කිසිදු සම්බන්දතාවයක් දිව්‍ය නාඩි මෘදුකාංගය හා අදාළ දුරකථන සමාගම් අතර නොමැති බව කරුණාවෙන් සලකන්න.

වගකීම හා භාවිතාවට අදාළ නියමයන්.
දිව්‍ය නාඩි සිංහල නක්ෂත්‍ර මෘදුකාංගය සදහා පදනම්ව ඇත්තේ ජ්‍යොතිෂ්‍යය මුලධර්ම, අංක විද්‍යා සිද්ධාන්ත, ගුප්ත විද්‍යා නිමිති හා වෙනත් ඉපැරණි ගුප්ත විද්‍යා ක්‍රමවේදයන් ය. ඒවායේ සත්‍යතාවය හෝ අසත්‍යතාවය පිලිබදව හෝ මෙම මෘදුකාංගය භාවිත කිරීම හේතුවෙන් ඇති විය හැකි කිසිදු ආකාරයක ගැටළුවක් සම්බන්ධයෙන් හෝ නිෂ්පාදක කණ්ඩායම කිසිම වගකීමක් දරනු නොලැබේ.

මෙය පෞද්ගලික භාවිතය සදහා සකසනු ලද මෘදුකාංගයක් වන අතර වාණිජ පරමාර්ථයෙන් භාවිත කිරීම සපුරා තහනම් වේ.

මෙම මෘදුකාංගයට කිසියම් හෝ සුළු වෙනසක් කිරීම හෝ ඒ සඳහා වෙර දැරීම බුද්ධිමය දේපල පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි.

මෙම මෘදුකාංගයේ කිසිදු වෛරසයක් හෝ හානිකර වැඩසටහනක් නොමැති බව ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරමු.

මෙම මෘදුකාංගය .exe ආකාරයට පවතින නිසා ඇතැම් ප්‍රති වෛරස වැඩසටහන් මගින් Blocked කල හැකිය. එය සාමාන්‍ය තත්වයකි. කෙසේ වුවද download කල පසු වෛරස් ගාර්ඩ් එකක් මගින් පරික්ෂා කර බලන්න.

– දිව්‍ය නාඩි නිෂ්පාදක කණ්ඩායම.-

මෙම උපදෙස් හා කොන්දේසි වලට ඔබ එකග නොවේ නම් කරුණාකර දිව්‍ය නාඩි සිංහල නක්ෂත්‍ර මෘදුකාංගය භාවිත කිරීමෙන් වලකින්න.

divyanadisitedownloadiconsmall